March 22, 2026

රාමනාදපුරම් පොලිස් වසමේ සින්නසන්ධි ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස ඉන්ධන ළඟ තබාගැනීම සම්බන්ධයෙන් 24 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මාර්තු 21 වැනි දින එම ප්‍රදේශයේ සිදුකරන ලද වැටළීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ පෙට්‍රල් ලීටර් 1,220 ක් සහ ඩීසල් ලීටර් 530 ක් පොලිසිය විසින් එහිදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.