March 22, 2026

යාල ජාතික වනෝද්‍යානය තුළ ඊයේ පස්වරුවේ වෙඩි තැබීමේ සිද්ධියක් පොලිසිය වාර්තා කර ඇත.

මූලික තොරතුරුවලට අනුව, වාහනයකින් පැමිණි පුද්ගලයන් පිරිසක් උද්‍යාන පරිශ්‍රය තුළ වෙඩි තැබූ බව කියනු ලැබේ.

වෙඩි හඬ ඇසීමෙන් පසු වනජීවී මුරපොළ නිලධාරීන් එම ස්ථානයට වහා පැමිණ තිබේ.

සැකකරුවන් වනජීවී දෙපාර්තමේන්තුවේ ජීප් රථයකට හානි කර ගේට්ටුවක්ද කඩාදමා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලිසිය පවසයි.

වගකිව යුතු අය සොයා ගැනීමට සහ අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.