
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි පළමු දසදෙනා අතර වසර කිහිපයක් රැඳී සිටි ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට එම ස්ථානය අහිමි වි ඇත.
ඒ අනුව, නවතම ටෙස්ට් පිතිකරණ ලැයිස්තුවේ දිමුත්ට හිමිව ඇත්තේ 11 වැනි ස්ථානයයි.
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැති ටෙස්ට් තරගාවලියේ දී සාර්ථක පිතිකරණයක නොයෙදීම දිමුත් කරුණාරත්නගේ ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම පහළ යෑමට හේතු වී ඇත.
එම තරගාවලිය ආරම්භයේදී ඔහු ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි 9 වන ස්ථානයේ රැඳී සිටියේය.
මේ අතර, ටෙස්ට් පිතිකරණ ලැයිස්තුවේ පළමු ස්ථානයේ නවසීලන්තයේ කේන් විලියම්ස් රැඳී සිටින අතර, එංගලන්තයේ ජෝ රූට් දෙවන ස්ථානයට පත්ව ඇත.
ශ්‍රී ලංකාවේ දිනේෂ් චන්දිමාල් එම ලැයිස්තුවේ 22 වන ස්ථානයේ සහ ධනංජය ද සිල්වා සහ ඇන්ජලෝ මැතිව්ස් පිළිවෙලින් 25, 26 වැනි ස්ථානයන්හි රැඳී සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart