
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කිරිපිටි ආනයනය අත්හිටුවන ලෙසට පෞද්ගලික සහ රජයට අයත් කිරි සමාගම් කළ ඉල්ලීමක් පිළිබඳව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර කැබිනට් මණ්ඩලයට දැනුම් දීමට නියමිතය.
දේශීය කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සීමාසහිත මිල්කෝ පෞද්ගලික සමාගම, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) සහ සීමාසහිත පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනයේ නිලධාරීන් සහ ඇමැතිවරයා අතර හමුවක් පවත්වා තිබේ.
මෙම රැස්වීමේදී මිල්කෝ සහ NLDB නිලධාරීන් පවසා ඇත්තේ, පසුගිය මාස හය තුළ කිරි ලීටර් 2,599,617ක් සහ 19,152,766ක් බැගින් නිෂ්පාදනය කර ඇති බවයි.
ඔවුන් පවසන පරිදි, එම කාලය තුළ කිරි නිෂ්පාදනය පසුගිය වසරේ (2022) අදාළ කාලයට සාපේක්ෂව 30% ක වර්ධනයක් පෙන්නුම් කරයි.
පැල්වත්ත කිරි කර්මාන්තයේ නිලධාරීන් පෙන්වාදී ඇත්තේ, දේශීය දියර කිරි සමග කිරිපිටි මෙට්‍රික් ටොන් 500ක් (MT) නිෂ්පාදනය කරන බවයි.
කිරි නිෂ්පාදනය ඉහළ ගියද ආනයනික කිරිපිටි නිසා තම නිෂ්පාදන අලෙවිකර ගැනීමට අපහසු වී ඇති බව ඔවුන් අවධාරණය කර ඇත.
දේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහළ මට්ටමක පවතින බැවින් කිරිපිටි ආනයනය කිරීම අත්හිටුවන ලෙස එම ආයතනවල නිලධාරීන් ඇමැතිවරයාගෙන් ඉල්ලා ඇත.
එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඇමැතිවරයා පවසා ඈත්තේ, දේශීය කිරි නිෂ්පාදනය පිළිබඳ සවිස්තර වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත්, සමාගම්වල ඉල්ලීම සම්බන්ධයෙන් පසුව තීරණයක් ගන්නා බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart