March 20, 2026

ඇඹුල්ගම හන්දියේ පිහිටි වෙළඳසැලක ඩීසල් ලීටර් 720ක් පමණ සඟවා තබාගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු හංවැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිවිරෝධී ලෙස නැවත විකිණීම සඳහා මෙම ඩීසල් තොගය රැස්කර තිබූ බව පොලිසිය පැවසීය.

වෙළඳසැල් පරිශ්‍රයේ ගබඩා කර තිබූ බැරල් 40ක් සහ ඩීසල් කෑන් මෙලෙස සොයා ගත් බව පොලිසිය පැවසීය.

සැකකරුවන් හෙට (21) හෝමාගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හංවැල්ල පොලිසිය විසින් පවත්වනු ලැබේ.