
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ඩීසල් ගබඩා කිරීම සම්බන්ධයෙන් පොලිසිය පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී මොවුන් සතුව තිබී ඩීසල් ලීටර් 465කට අධික ප්‍රමාණයක්පොලිස් භාරයට ගෙන ඇත.
ප්‍රාදේශීය පොලිස් කොට්ඨාස වෙත ලැබුණු තොරතුරු මත සැකකරුවන් දෙදෙනාම ඊයේ(19) අත්අඩංගුවට ගෙන තිබිණි.
කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන් ඊයේ රාත්‍රියේ හීනටියන ප්‍රදේශයේ ස්ථානයක් වටලා මිනුවන්ගොඩ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු නීත්‍යනුකූල බලපත්‍රයක් නොමැතිව ඩීසල් ලීටර් 410ක් ළඟ තබාගෙන සිටියදී සොයා ගන්නා ලදී.
වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහු කටුනායක පොලිස් ස්ථානයට භාර දී තිබේ.
මේ අතර, හලාවත කොට්ඨාසයේ මුදලියවෙල ප්‍රදේශයේදී ඉලප්පදෙනියේ පදිංචි 73 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී අවසරයකින් තොරව ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 55ක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට ගෙන හලාවත පොලිස් ස්ථානයට ඉදිරිපත් කරන ලදී.
පරීක්ෂණ අඛණ්ඩව පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart