
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සහ ඔහුගේ බිරිඳ සොෆී අනපේක්ෂිත නිවේදනයක් නිකුත් කරමින් ඊයේ(02) ප්‍රකාශ කරන ලද්දේ ඔවුන් දෙදෙනාගේ 18 වසරක විවාහයේ අවසානය සනිටුහන් කරන බවයි.
51 හැවිරිදි ජස්ටින් සහ 48 හැවිරිදි සොෆී විවාහ වූයේ 2005 මැයි මස අගදීය. ඔවුන්ට දරුවන් තිදෙනකු සිටී.
“බොහෝ අර්ථවත් හා දුෂ්කර සංවාද වලින් පසුව, අපි වෙන්වීමට තීරණය කර ඇති බව සොෆී සහ මම ප්‍රකාශ කිරීමට කැමතියි.” යැයි ජස්ටින් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර ඇත.
සොෆී ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේද ඊට බොහෝදුරට සමාන පණිවිඩයක් පළකර ඇත.
ජස්ටින් ටෲඩෝගේ කාර්යාලය පැවසුවේ ඔවුන් දෙදෙනා නීතිමය ගිවිසුමකට අත්සන් කර ඇති බවයි.
ඒ අනුව, ඔවුන් වෙන්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් සියලුම නෛතික හා සදාචාරාත්මක පියවර ගෙන ඇති බව සහතික කිරීමට ඔවුන් කටයුතු කර ඇති අතර, එය ඉදිරියට ගෙන යනු ඇත.
2015 අගභාගයේදී ටෘඩෝ අගමැති වූ පසු, ඔහු සහ සොෆී බොහෝ විට සමාජ උත්සවවලදී සහ විදේශ සංචාරවලදී එකට දැකගත හැකි විය.
එහෙත් මෑත වසරවලදී, සොෆී සිය සැමියා සමඟ එවැනි පෙනීසිටීම් සීමාකර ඇත.
ඔවුන් දෙදෙනා චාල්ස් රජුගේ රාජාභිෂේකය සඳහා මැයි මාසයේදී ලන්ඩනයට ගිය අතර, මාර්තු මස අගදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සංචාරය කරන විට එකට සිටිනු දැකගත හැකි විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart