
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාර්ග නීති උල්ලංඝනය කරමින් අධිවේගී යතුරුපැදි ධාවනය කළ තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පවසයි.
කටුබැද්ද ද සොයිසා ක්‍රීඩාංගණය අසල කුඩුවාමුල්ල අතුරු මාර්ගයේ තරුණයන් පිරිසක් අධිවේගී යතුරු පැදි පදවමින් ජංගම දුරකථන මගින් ඒවා වීඩියෝ ගත කරන බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකය වෙත ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
මොරටුමුල්ල, ඉඳිබැද්ද, විල්ලෝරාවත්ත, බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචි 18 – 25 වයස් කාණ්ඩයේ තරුණයන් 7 දෙනෙකු ඔවුන්ගේ යතූරු පැදි සමග මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
1000සීසී කාණ්ඩයේ බී එම් ඩ්බිලිව් වර්ගයේ රුපියල් ලක්ෂ 38 පමණ වටිනා යතුරු පැදි 2ක් ද ඒ අතර ඇති බව පොලීසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart