
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමේ සලකුණු දක්නට නොලැබීම නිසා වෙළඳපොළ තුළ තෙල් මිල දිගින් දිගටම ඉහළ යමින් පවතී.
ගෝලීය මිල ගණන් සඳහා වඩාත්ම වැදගත් දර්ශකය වන බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල ඉරිදා දින සියයට 3කින් පමණ ඉහළ ගොස් බැරලයක් ඩොලර් 106 ඉක්මවා ගිය අතර, සඳුදා උදෑසන වන විට එය සුළු වශයෙන් අඩුවිය.
ඒ අනුව, අද උදෑසන වන විට බ්‍රෙන්ට් තෙල් බැරලයක මිල ඩොලර් 104.63ක් ලෙස සටහන් වූ අතර, එය සියයට 1.5ක පමණ වැඩිවීමකි.
ලෝකයේ තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන මෙම තීරණාත්මක මුහුදු මාර්ගය නැවත විවෘත කිරීමට සහාය වන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනෙකුත් රටවලින් ඉල්ලා සිටීමෙන් පසුව මෙම මිල ඉහළ යෑම සිදුවිය.
කෙසේවෙතත්, ට්‍රම්ප්ගේ මෙම යෝජනාවට මෙතෙක් ලැබී ඇත්තේ මන්දගාමී ප්‍රතිචාරයකි.
ඔහු නමින් සඳහන් කළ චීනය, ජපානය, ප්‍රංශය සහ එක්සත් රාජධානිය ඇතුළු කිසිදු රටක් මෙම මුහුදු මාර්ගය වෙත තම නාවික හමුදාවන් යෙදවීමට ප්‍රසිද්ධියේ එකඟ වී නොමැත.
ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් පවසා ඇත්තේ, තම යෝජනාවට ප්‍රතිචාරයක් නොලැබුණහොත් හෝ ඊට සෘණාත්මක ප්‍රතිචාරයක් ලැබුණහොත් නේටෝ සංවිධානය ඉතා නරක අනාගතයකට මුහුණදෙනු ඇති බවයි.
ඇමරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය අත්හිටුවා ඇත.
මෙය ඉතිහාසයේ ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වූ විශාලතම බාධාව බව අන්තර්ජාතික බලශක්ති ඒජන්සිය (IEA) ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart