March 14, 2026

ඉරානයේ මිණි කිරුළ ලෙසින් හඳුන්වන කාර්ග් දූපතට බෝම්බ ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකාව පවසයි.

ඒ සම්බන්ධයෙන් සඳහන් කරමින් “එක්සත් ජනපද මධ්‍යම විධානය මැද පෙරදිග ඉතිහාසයේ බලවත්ම බෝම්බ ප්‍රහාරවලින් එකක් ක්‍රියාත්මක කළ අතර ඉරානයේ කාර්ග් දූපතේ සෑම හමුදා ඉලක්කයක්ම මුළුමනින්ම විනාශ කළේය” යනුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social හි පළ කළේය.

“මම එම දූපතේ තෙල් යටිතල පහසුකම් විනාශ කිරීමට තීරීමක් කළේ නැහැ. කෙසේවෙතත්, ඉරානය හෝ වෙනත් කිසිවකු හෝ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව්වලට නිදහස්ව හා ආරක්ෂිතව ගමන් කිරීමට බාධා කිරීමට යමක් කළහොත්, මම වහාම මෙම තීරණය නැවත සලකා බලනවා,” යනුවෙන් ජනාධිපතිවරයා තවදුරටත් අනතුරු ඇඟවීය.

ඔහු ඉරානයෙන් ඉල්ලා සිටියේ ආයුධ බිම තබා ඔවුන්ගේ රටේ ඉතිරිව ඇති දේ බේරා ගන්නා ලෙසයි.