
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට චෝදනා එල්ලවී ඇති ගානය ශිල්පිනී උමාරා සිංහවංශගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (02) ඇයව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා ඇත.
උමාරාට එල්ල වූ චෝදනාව සමඟ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන විසින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රංජිත් අසෝකට දැනුම් දී තිබේ.
එම විමර්ශනය සිදු කරන ලෙස අමාත්‍යංශයේ විමර්ශන ඒකකයට ලේකම්වරයා විසින් දැනුම්දී ඇති අතර, ඒ අනුව උමාරා සිංහවංශට අද අමාත්‍යංශයට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයෙක් විසින් මෙම විමර්ශනය සිදු කිරීමට නියමිතව ඇති බවත්, එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයවීමක් සිදුකර ඇත්දැයි යන්න පිළිබඳව සොයාබැලීමට නියමිත බවත් වාර්තා වේ.
විමර්ශනයට පසු අදාළ වාර්තාව අමාත්‍යංශ ලේකම්වරයාට භාරදී ඉන්පසු නීතිපති උපදෙස් ලබාගැනීමට නියමිතය.
එමෙන්ම මෙම සිද්දිධිය සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන්ද ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart