
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉස්ලාමාබාද්හි ෂියා මුස්ලිම් පල්ලියකට එල්ල වූ මාරාන්තික ප්‍රහාරය මගින් පාකිස්ථාන ඉස්ලාමීය ජනරජය තුළ සුළුතර මුස්ලිම් ප්‍රජාවන් මුහුණ දෙන අස්ථාවරත්වය සහ අනාරක්ෂිත බව නැවතත් තහවුරු කර ඇත.
ෂියා, හසාරා, අහමදියා, ඉස්මයිලි, දාවුඩි බෝරා, සික්රි මෙන්ම සුෆි සහ බරෙල්වි මුස්ලිම්වරුන් ද මෙලෙස නිරන්තරයෙන් ආගමික ප්‍රචණ්ඩත්වයට, වෙනස් කොට සලකන නීතිවලට සහ දුර්වල නීතිමය රැකවරණයට ගොදුරු වේ.
මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ පල්ලි, සිද්ධස්ථාන සහ බැතිමතුන් නිරන්තර ප්රහාරයන්ට ලක්වීමේ අවදානමකට මුහුණ දී සිටිති.
රජයේ නිලධාරීන්ගේ සහ ආරක්ෂක අංශවල ක්‍රියාකලාපය පිළිබඳව විවේචකයන් සහ ක්‍රියාකාරීන් සිය කනස්සල්ල පළ කර ඇති අතර, එමගින් සුළුතර මුස්ලිම් කොටස්වලට එල්ල වන ප්‍රහාර තවදුරටත් දිරිමත් වී ඇති බව ඔවුහු පෙන්වා දෙති.
මෙම සතියේ එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව පකිස්ථාන රජය ප්‍රකාශ කර ඇතත්, ආරක්ෂක විධිවිධාන ප්‍රමාණවත් නොවන බව පවසමින් ෂියා ප්‍රජාව විරෝධතාවල නිරත වේ.
ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී ආරක්ෂක අංශවල පවතින දුර්වලතා පිළිබඳව පාර්ලිමේන්තුවේදී ද දැඩි කතාබහක් ඇති විය.
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පකිස්ථාන රජයෙන් ඉල්ලා සිටින්නේ සුළුතර ප්රජාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට වහාම පියවර ගන්නා ලෙසයි.
ඉස්ලාමාබාද්හි ෂියා මුස්ලිම් පල්ලියකට එල්ල වූ මෙම බිහිසුණු ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් 36 දෙනෙකු මියගොස් 170 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. ප්‍රහාරකයා මුලින්ම වෙඩි තබා පසුව මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගෙන ඇති බව වාර්තා වේ.
සිද්ධිය වූ ස්ථානය පරීක්ෂා කළ පොලිස් නිලධාරී ශහීඩ් මලික් ප්‍රකාශ කර ඇත්තේ තමා දැක ඇති දරුණුතම අපරාධ ස්ථානය මෙය බවයි.
පාකිස්ථාන ජනගහනයෙන් 10-15% ක් පමණ වන ෂියා ප්‍රජාව, සුන්නි බහුතරයක් වෙසෙන එරට තුළ නිරන්තරයෙන් හිරිහැරවලට සහ මාරාන්තික ප්‍රහාරවලට ලක්වීමේ දැඩි අවදානමක පසුවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart