March 9, 2026

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නේපාලයේ ඉකුත් දා පැවැති මහ මැතිවරණයෙන් ජය ලැබූ රාස්ත්‍රීය ස්වාධීන පක්ෂයේ සභාපති රබී ලමිච්ඡානේ සහ එහි ජ්‍යෙෂ්ඨ නායක බාලේන්ද්‍ර ෂා සමඟ දුරකථන සංවාදයක නිරත වී තිබේ.

,එම අදහස් හුවමාරුව උණුසුම් සහ සුහදශීලී බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.

මෙම ඇමතුමෙන් අනතුරුව, මැතිවරණයෙන් RSP පක්ෂය ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් නායකයන් දෙපළට සුබ පැතූ මෝදි නව රජය පිහිටුවීම සඳහා සහයෝගය ලබා දෙන බව ද පැවසුවේය.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ නේපාලයේ පොදු ප්‍රගතිය, සමෘද්ධිය සහ ජනතාවගේ සුබසාධනය සඳහා එක්ව කටයුතු කිරීමට ඉන්දීය රජයේ කැපවීම යළිත් තහවුරු කරන බවයි.

දෙරටේ ඒකාබද්ධ උත්සාහයන් තුළින් ඉදිරි වසරවලදී ඉන්දියාව සහ නේපාලය අතර සබඳතා ඉහළ මට්ටමකට පත්වනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.