
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ මූලික දත්තවලට අනුව, වත්මන් මූල්‍ය වර්ෂයේ පළමු මාස 11 තුළ ඉන්දියාවේ නිමි වානේ (finished steel) අපනයනය පසුගිය වසරට සාපේක්ෂව සියයට 36.6 කින් ඉහළ ගොස් මෙට්‍රික් ටොන් මිලියන 6.02 ක් දක්වා වර්ධනය වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
ලොව දෙවන විශාලතම බොර වානේ (crude steel) නිෂ්පාදකයා වන ඉන්දියාව, අප්‍රේල්-පෙබරවාරි කාලසීමාව තුළ නිමි වානේ මෙට්‍රික් ටොන් මිලියන 5.6 ක් ආනයනය කර තිබේ.
එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 37.4 ක අඩුවීමකි.
එම කාලසීමාව තුළම ඉන්දියාවේ බොර වානේ නිෂ්පාදනය සියයට 11.2 කින් ඉහළ ගොස් මෙට්‍රික් ටොන් මිලියන 153.61 ක් දක්වා වර්ධනය වී ඇති බව දත්ත පෙන්වා දෙයි.
ඉන්දියාව සිය වානේ ආනයනය 37.4% කින් අඩු කර ගැනීම මගින් පෙනී යන්නේ ඔවුන් දේශීය අවශ්‍යතා සඳහා ස්වයංපෝෂිත වෙමින් පවතින බවයි. මෙය ඉන්දියානු ආර්ථිකයේ ශක්තිමත් භාවය පෙන්නුම් කරන්නකි.
එමෙන්ම ඉන්දියාව ලොව දෙවන විශාලතම වානේ නිෂ්පාදකයායි.
යුරෝපයේ සහ මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය නිසා එම කලාපවල වානේ නිෂ්පාදනයට බාධා එල්ල වී ඇත. මෙම හිඩැස පිරවීමට ඉන්දියාව සමත් වී ඇති අතර, එය ඔවුන්ගේ අපනයන වර්ධනයට ප්‍රධාන හේතුවක් වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart