March 9, 2026

අන්තර්ජාතික කාන්තා දිනය සැමරීමේ උත්සවයට සහභාගීවීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආරාධනයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ පිලිපීනයේ මැනිලා නුවර බලා පිටත්ව ගොස් ඇත.

මැනිලා හි නිනෝයි අකිනෝ අන්තර්ජාතික ගුවන්තොටුපළට පැමිණි අග්‍රාමාත්‍යවරිය පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය චානක තල්පහේවා, පිලිපීන රජයේ නිලධාරීන් සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් විසින් පිළිගනු ලැබූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

මෙම සංචාරය අතරතුර, අග්‍රාමාත්‍යවරිය මැනිලා හි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ පැවැත්වෙන අන්තර්ජාතික කාන්තා දින උත්සවයකදී ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය.