
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් නිලධාරීන්ට පහරදුන් අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා කතරගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
සෙල්ල කතරගම වල්ලි ගුහාව පාර ප්‍රදේශයේ නිවසක විකිණීම සඳහා ගංජා සූදානම් කරන බවට ලද තොරතුරක් මත වැටළීමක් සිදුකිරීමට එහි ගිය පොලිස් නිලධාරීන්ට මෙලෙස පහර දී ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ දියණිය සහ පුත්‍රයා පිහියක් හා පොරවක් රැගෙන පොලිස් නිලධාරීන්ට පහර දුන් බවද වැඩිදුරටත් සඳහන් වේ.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු යුද හමුදා සෙබළකු බවටද කරුණු අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart