
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනය වෙනුවෙන් ඔත්තු බැලූ බවට සැකපිට බ්‍රිතාන්‍ය පොලිසිය පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අතර පාලක කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරියකගේ ස්වාමිපුරුෂයා ද සිටින බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
ලන්ඩන් සහ වේල්ස්හිදී සිදුවූ මෙම අත්අඩංගුවට ගැනීම 2023 ජාතික ආරක්ෂක පනත යටතේ විදේශ බුද්ධි අංශයකට සහාය වීමේ චෝදනාව මත සිදුව ඇත.
විදේශීය බුද්ධි අංශයකට සහය දැක්වූ බවට සැකපිට වයස අවුරුදු 39, 43 සහ 68 යන වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙකු ලන්ඩන් සහ වේල්ස්හිදී අත්අඩංගුවට ගත් බව ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය ප්‍රකාශ කළේය.
අත්අඩංගුවට ගත් අය අතර ස්කොට්ලන්තයේ ඊස්ට් කිල්බ්රයිඩ් සහ ස්ට්රැතවන් ආසනය නියෝජනය කරන ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝනි රීඩ්ගේ ස්වාමිපුරුෂයා වන 39 හැවිරිදි ඩේවිඩ් ටේලර් ද සිටින බව වාර්තා වේ.
ඔවුන් 2023 ජාතික ආරක්ෂක පනතේ 3 වන වගන්තිය උල්ලංඝනය කරමින් චීන බුද්ධි අංශ වෙත සහය ලබා දුන් බවට චෝදනා එල්ල වී ඇත.
තම ස්වාමිපුරුෂයා කිසිදු නීතියක් කඩ කර ඇති බවට සැක කිරීමට කිසිදු සාක්ෂියක් තමන් දැක නැති බවත්, ඔහුගේ ව්‍යාපාරික කටයුතුවලට තමන් සම්බන්ධ නැති බවත් මන්ත්‍රී ජෝනි රීඩ් ප්‍රකාශ කර තිබේ.
මෙම පරීක්ෂණ කටයුතු ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසියේ ත්‍රස්ත විරෝධී ඒකකය (Counter-Terrorism Policing) විසින් මෙහෙයවනු ලබයි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart