
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරානය සැලසුම් කළ කාලයට පෙර සහ මින් පෙර කිසිවකු නුදුටු මට්ටමින් විනාශ වෙමින් පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
එමෙන්ම ඉරානයට දැන් ගුවන් හමුදාවක් හෝ ගුවන් ආරක්ෂක පද්ධතියක් නොමැති බවත්, එහි ගුවන් හැකියාවන් අවසන් බවත් ඔහු කියාසිටියි.
ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානයේ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් අලි ලාරිජානි අනතුරු ඇඟවූයේ, ඕනෑම ආකාරයක ඇමරිකානු ගොඩබිම් ආක්‍රමණයකට මුහුණදීම සඳහා ඉරාන හමුදාව බලාසිටින බවයි.
එමෙන්ම දහස් ගණනක් මරාදැමීමෙන් සහ අල්ලා ගැනීමෙන් එම දූෂිත ඇමරිකානු නිලධාරීන් ලැජ්ජාවට පත්කිරීමට ඔවුන් සූදානම් බවද ඔහු පැවසීය.
විදෙස් ජනමාධ්‍ය වාර්තාවලට අනුව ඉකුත් සෙනසුරාදා සිට ඉරානයට එල්ල වූ ඒකාබද්ධ ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 1,230 දෙනෙකු මියගොස් ඇත.
ඉරානයේ අර්ධ රාජ්‍ය පුවත් ඒජන්සියක් වන ෆාර්ස් පුවත් ඒජන්සිය වාර්තා කළේ, ටෙහෙරානයට නිරිත දෙසින් පිහිටි පරන්ඩ් ප්‍රදේශයේ පාසල් දෙකකට මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart