
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරාන භූමියේ සිට පැමිණි ඩ්‍රෝන යානා නැක්චිවන් ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයකින් ගුවන් තොටුපොළ ගොඩනැගිල්ලකට හානි සිදුව සිවිල් වැසියන් පිරිසක් තුවාල ලැබූ බවට අසර්බයිජාන බලධාරීන් කළ ප්‍රකාශය ඉරානය ප්‍රතික්ෂේප කර ඇත.
ඊයේ අලුයම ඩ්‍රෝන යානා කිහිපයක් නැක්චිවන් ප්‍රදේශයට ඇතුළු වූ බවත්, ඉන් එකක් නැක්චිවන් අන්තර්ජාතික ගුවන් තොටුපොළේ පර්යන්ත ගොඩනැගිල්ලට එල්ල වූ බවත් අසර්බයිජානය පවසා ඇත.
එමෙන්ම එම නිලධාරීන් පෙන්වා දී ඇත්තේ එක් ඩ්‍රෝන යානයක් අසල ගම්මානයක පිහිටි පාසලක් අසලට පතිත වූ බවයි.
කෙසේවෙතත් ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාසෙම් ගරිබාබාදි මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.
ඔහු පවසා ඇත්තේ, සිය රට කිසිඳු අවස්ථාවකදී අසර්බයිජාන සමූහාණ්ඩුව ඉලක්ක කර නොමැති බවයි.
එමෙන්ම ඉරානය අසල්වැසි රටවල් ඉලක්ක කර ප්‍රහාර එල්ල නොකරන බව ද ඔහු පැවසුවේය.
ඇමරිකා එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට සම්බන්ධ, ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට යොදාගන්නා කලාපයේ ක්‍රියාත්මක වන සතුරු හමුදා කඳවුරුවලට පමණක් ප්‍රහාර එල්ල කිරීම ඉරානයේ ප්‍රතිපත්තිය බව ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart