
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර විසින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකර ඇත.
මාර්තු 04 දිනැති එම ලියුමේ සදහන් කර ඇත්තේ දිනපතා පුවත්පත් කිහිපයකම මුද්‍රණය මේ වන විට අත්හිටුවා ඇති බව වාර්තා වී තිබෙන බවයි.
එම ආයතනවල සේවය කළ ජනමාධ්‍යවේදීන්ට හිඟ වැටුප් ගෙවීමට ඇති බවට තොරතුරු වාර්තා වන බව ද එම ලිපියේ සදහන් වේ.
වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාව ඇති කිරීම සහ ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍ය විධිවිධාන සැලැස්වීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කරුණක් බවත්, මේ පිළිබඳ නෛතික තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් දිනයක් සහ වේලාවක් ලබා දෙන ලෙසත් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා කම්කරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවත් ලිපියේ දැක්වේ.
මෙයට පාදක වී තිබෙන්නේ හිටපු ඇමැති ටිරාන් අලස්ට අයත් මව්බිම සහ එහි ඉංග්‍රීසි පුවත්පත වන සිලෝන් ටුඩේ පුවත්පත්වල දිනපතා පුවත්පත් වසාදැමීමට ගෙන ඇති තීරණයයි.
මාර්තු 04 දින වෙළෙඳපොළට නිකුත් වූ ‘මව්බිම’ සහ ‘Ceylon Today’ පුවත්පත්වල මුල් පිටුවේ සඳහන් කර තිබුණේ මින් ඉදිරියට ඔවුන් ඩිජිටල් අවකාශය ඔස්සේ පමණක් ප්රවෘත්ති සම්පාදනය කරන බවයි. කෙසේ වෙතත්, සතිඅන්ත පුවත්පත් දෙක තවදුරටත් මුද්‍රණය වන බව වාර්තා වුවද, දිනපතා පුවත්පත් වසා දැමීමේ තීරණය සේවකයන්ට දැනුම් දී ඇත්තේ ඊයේ දිනයේදීය.
මෙම පුවත්පත් වසා දමන බවට ඇතැම් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන් අදාළ තීන්දුව ගත් දිනය තුළදී ද දැන සිට නොමැත.
වාර්තා වන අන්දමට මෙම පුවත්පත්වල මාධ්‍යවේදීන්ට මාස දෙකක වැටුප් මෙතෙක් ගෙවා නොමැත. වසර ගණනාවක සිට සේවක අර්ථසාධක අරමුදල් (EPF) බැර කර නොමැති බව ද වාර්තා වෙයි.
(Times.lk)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart