March 5, 2026

ශ්‍රී ලංකාවට ආසන්නයේ ඉන්දියානු සාගරයේ දී ඉරාන යුද නෞකාවක් වන IRIS Dena වෙත එල්ල වූ ටෝපිඩෝ ප්‍රහාරයේ දර්ශන එක්සත් ජනපද හමුදාව නිකුත් කර ඇත.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජනපද සබ්මැරීනයක් විසින් යුද නෞකාවකට එල්ල කරන ලද මාරාන්තිකම ප්‍රහාරය ලෙස විස්තර කෙරෙන මෙම ප්‍රහාරයෙන් ඉරාන නාවිකයින් 150 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව වාර්තා වේ.

මෙය ටෝපිඩෝ ප්‍රහාරයක් බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා ඊයේ පස්වරුවේ තහවුරු කළේය.

ප්‍රහාරයේ තුවාල ලැබ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගත් නාවිකයන් 32ක් කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව වාර්තා විය.