March 4, 2026

අන්තර්ජාතික මුහුදු සීමාවේදී තමන් සුරක්ෂිත යැයි සිතා සිටි ඉරාන යුද නෞකාවක් ඉන්දියන් සාගරයේදී ගිල්වා දැමූ බව පීට් හෙග්සෙත් පවසයි.

බීබීසී ලෝක සේවය වාර්තා කරන පරිදි ඔහු පවසා ඇත්තේ, ටෝපිඩෝ ප්‍රහාරයකින් අදාළ ඉරාන නෞකාව ගිල්වා දැමූ බවයි.

ප්‍රහාරයට ලක් වූ ඉරාන නෞකාවේ නම හෙග්සෙත් සඳහන් කර නොමැත.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නාවික හමුදාව වාර්තා කළේ IRIS Dena නමැති නෞකාවක සිටි පුද්ගලයින් 140 දෙනෙකු පමණ අතුරුදහන් වී ඇති බවයි.