
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීති විරෝධී ඉන්ධන අලෙවිය සහ ඒ ආශ්‍රිත වැරදිවලට එරෙහිව පොලිසිය දැඩි පියවර ගනිමින් මෑත දිනවල අත්අඩංගුවට ගැනීම් සහ අධිකරණ ක්‍රියාමාර්ග කිහිපයක් ගනුලැබ තිබේ.
කළු කඩ වෙළඳාම මැඩපැවැත්වීම සහ මහජන සාමය සහතික කිරීම සඳහා රට පුරා වැටලීම් සහ විමර්ශන සිදු කරන බව බලධාරීන් සඳහන් කර ඇත.
ඒ අනුව, බලපත්‍රයක් නොමැතිව අධික මිලට ඩීසල් අලෙවි කිරීම සම්බන්ධයෙන් පුල්මුඩේ නගරයේදී සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
පුල්මුඩේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (03) රාත්‍රියේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
පොලිසිය වෙළඳසැල වටලා සැකකරු අත්අඩංගුවට ගත් අතර නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 390ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු පුල්මුඩේ, අර්පත් නගර් හි පදිංචි 36 හැවිරිදි අයෙකි.
ඔහු අද (04) කුච්චවේලි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පුල්මුඩේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මේ අතර අවසරයකින් තොරව ඩීසල් ලීටර් 1,000ක් අලෙවි කිරීම සහ තවත් ලීටර් 412ක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ව්‍යාපාරිකයකුට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ධම්මික උඩුවාවිදාන විසින් රුපියල් 10,000ක දඩයක් නියම කළ අතර,එම ඩීසල් තොගය රාජසන්තක කිරීමට ඊයේ (03) නියෝග කළේය.
රට තුළ පවතින ඉන්ධන හිඟය මධ්‍යයේ ඩීසල් සහ පෙට්‍රල් කෑන්වලට මිලදී ගෙන වැඩි මිලට නැවත අලෙවි කරන බවට මල්වතුහිරිපිටිය පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කරන ලදී.
සැකකරු සහ අත්අඩංගුවට ගත් ඩීසල් තොගය අධිකරණයට ඉදිරිපත් කළ විට, අදාළ නියෝගය නිකුත් කරන ලදී.
ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සුමිත් සේනානායක අධිකරණයට කියා සිටියේ තම සේවාදායකයා ලොරි දෙකක් ඇතුළු වාහන කිහිපයක් හිමි ව්‍යාපාරිකයකු බවයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිට විවිධ ප්‍රදේශවලට දිනපතා එළවළු ප්‍රවාහනය කරන එම වාහනවල භාවිතය සඳහා ඩීසල් තොගය ඔහුගේ නිවසේ තබා ඇති බවත්, ඉන්ධන වැඩි මිලට නැවත විකිණීමට අදහස් නොකරන බවත් ඔහු අවධාරණය කළේය.
කෙසේවෙතත්, ඉදිරිපත් කිරීම් සළකා බැලීමෙන් පසු අතිරේක මහේස්ත්‍රාත්වරයා දඩය නියම කර ඉන්ධන තොගය රාජසන්තක කිරීමට නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart