
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගාල්ල වෙරළේ සිට නාවික සැතපුම් 40ක් පමණ දුරින් ආපදාවට ලක්වූ යාත්‍රාවක සිටි ඉරාන ජාතිකයින් තිස් දෙදෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම පිරිස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන ගාල්ලට රැගෙනවිත් තිබිණි.
අදාළ යාත්‍රාව ආපදාවට ලක්වූ බව අද (04) උදෑසන වාර්තා වීමත් සමග ශ්‍රී ලංකා නාවික හමුදාව ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළේය.
ඉරාන නාවික යාත්‍රාව මුහුදේදී ආපදාවට ලක්වූ අවස්ථාවේ එහි පුද්ගලයන් 180ක් පමණ සිටි බව කියැවේ.
“පළමුව අපට අලුයම 05.08ට පමණ ආපදා ඇමතුමක් ලැබුණා. ඉරාන නාවික යාත්‍රාවට සහාය වීම සඳහා අපි වහාම නාවික හමුදා නෞකා දෙකක් පිටත් කර හැරියා. ඉන්පසුව, උදව් අවශ්‍ය අය බේරා ගැනීම සඳහා නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඒකාබද්ධ මෙහෙයුමක් සිදු කළා. හදිසි උපකාර අවශ්‍ය පුද්ගලයන් 30 දෙනෙකු වහාම බේරා ගත්තා. ඔවුන් ගාල්ලේ කරාපිටිය රෝහලට ඇතුළත් කර සිටිනවා,” යනුවෙන් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් කළ අමාත්‍ය විජිත හේරත් පැවසීය.
“1979 අන්තර්ජාතික සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීම් සම්මුතිය (SAR සම්මුතිය) මගින්, අනතුරට පත් ඕනෑම නෞකාවකට, එහි ජාතිකත්වය නොසළකා උපකාර කිරීමට අපි බැඳී සිටිනවා,” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart