March 3, 2026

හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරගේ පියා වන නීතිඥ එස්.කේ. සංගක්කාර අභවප්‍රාප්ත වී තිබේ.

ඔහු දරුවන් සිව්දෙනකුගේ පියෙකි.

ඥාතීන්ට සහ හිතවතුන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ දේහය මහනුවර පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇත.

හෙට (04) මහයියාව පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.