March 3, 2026

දික්ඔය මූලික රෝහලේ පශ්චාත් මරණ පරික්ෂණය සදහා මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබු අවුරුදු 23ක් වයසැති කාන්තාවකගේ සිරුර එම රෝහලේ කාර්ය මණ්ඩලයේ තිදෙනකු විසින් රාත්‍රී කාලයේ දුෂණය කළේ යැයි කියන සිද්ධියක් පදනම් කර ගනිමිනි වතු කම්කරුවන් පිරිසක් රෝහල් පරිපාලනය එරෙහිව උඋද්ඝෝෂණයක නිරත විය.

හැටන් පොලිස් වසමට අයත් ඇබෝස්ලි වතුයායේ පදිංචිව සිටි එස්.හරිනි නැමති 23 හැවිරිදි කාන්තාව පවුල් ආරවුලක් හේතුවෙන් ඉකුත් (23) දින සියදිවි හානිකර ගැනිමෙන් පසු හැටන් පොලිසියේ නිළධාරින් ඒ පිළිබඳ විධිමත් පරික්ෂනයක් පවත්වා, සිරුර පෂ්චාත් මරණ පරික්ෂනය සදහා දික්ඔය මුලික රෝහලේ විශෞෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු, සිරුර එදින රාත්‍රියේ දික්ඔය මූලික රෝහලේ මෘතශරීරාගාරයේ තැම්පත් කර තිබේ.

එදින අලුයම මෘතශරීරාගාරයට ඇතුළු වූ එම රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවකයන් තිදෙනකු මෘතශරීරයේ තිබු ඇඳුම් ගලවා ඇති බවට එම රෝහලේ මෘතශරීරාගාරයේ භාරකරු විසින් දික්ඔය මුලික රෝහලේ අධ්‍යක්ෂකවරයා වෙත පැමිණිලි කර ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් මියගිය තරුණියගේ ඥාතීන් විසින් රෝහල් පරිපාලයෙන් කරුණා විමසා ඇත.

එම සිද්ධියට මේ වන තෙක් රොහලේ පාලන අධිකාරිය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පවසමින්, වතුකරයේ ප්‍රධාන වෘත්තීය සමිතියක ප්‍රාදේශිය නායකයෝ සහ වතු කම්කරුවෝ පිරිසක් දික්ඔය මුලික රෝහල ඉදිරිපිට හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ (03) දින උදෑසන උද්ගෝෂණයක් සිදුකරනු ලැබූහ.

එම උද්ඝෝෂකයන් නෝර්වුඩ් පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගය පිළිබඳව රෝහල් අධ්‍යක්ෂකවරයා සහ රෝහලේ පාලන අධිකාරිය විසින් පැමිණ තමන් හමුවේ කරුණු දැක්විය යුතු බවයි.

එම ඉල්ලීම අනුව, නෝර්වුඩ් පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ දික්ඔය මුලික රෝහලේ අධ්‍යක්ෂක දික්ඔය මුලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්.එස්. ෆසීල් මහතා උද්ගෝෂකයන් හමුවට පැමිණ කියාසිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනගත් විගසම රෝහලේ ආරක්ෂිත කැමරා පද්ධතිය පරික්ෂා කිරිමේදී රෝහලේ කාර්ය මණ්ඩලයේ තිදෙනකු (24) දින අලුයම මෘතශරීරාගාරය වෙත ගොස් පැමිණෙන අයුරු දත්ත ගබඩාවේ සටහන් වි තිබූ බවයි .

ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කණ්ඩායමක් පත්කළ බවත්, එම කණ්ඩායම විසින් (03) දින එහි විමර්ශන කටයුතු ආරම්භ කළ බවත්ය.

එම පරික්ෂණය අපක්ෂපාතීව සිදුකරන බවත්, තම රෝහලේ සේවකයන් යම් වරදක් සිදුකර ඇත්නම් එයට උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා බවද රෝහල් අධ්‍යක්ෂකවරයා උද්ඝෝෂකයන් හමුවේ කියාසිටියේය.

මෙහිදදී උද්ඝෝෂකයන් කියාසිටියේ, පවත්නා තත්වය මත රෝහලේ ප්‍රතිකාර සදහා පැමිණෙන කාන්තාවන්ගේ ආරක්ෂාව පිලිබද ගැටළුවක් පවත්න බවත්, සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුව විසින් සිදුකරන පරික්ෂණය සම්බන්ධයෙන් තමන්ට විශ්වාසයක් නොමැති බවත්, ඒ අනුව මෙහි විමර්ශන කටයුතු පොලිසිය විසිනුත් සිදුකළ යුතු බවයි.

එම සිද්ධියට සම්බන්ධ රෝහල් කාර්ය මණ්ඩලයේ තිදෙනා පොලිස් භාරයට ගෙන විමර්ශන කටයුතු සිදුකරන ලෙසට උද්ඝෝෂකයන් කළ ඉල්ලීම අනුව රෝහල් අධ්‍යක්ෂකවරයා කියාසිටියේ, තමන් මේ සම්බන්ධයෙන් හැටන් පොලිසියට ගොස් පැමිණිල්ලක් කර සේවකයන් තිදෙනා අත්අඩංගුව ගන්නා ලෙස පොලිසියේ ඉල්ලීමක් කරන බවයි.

කෙසේවෙතත්, මියගිය කාන්තාවගේ සිරුර යළි ගොඩගෙන සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකිරිමට මියගිය තරුණියගේ ඥාතීන් අකමැත්ත පළකර ඇත.