March 3, 2026

හබරණ-පොළොන්නරුව මාර්ගයේ මින්නේරිය ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයන් දසදෙනෙකු තුවාල ලබා තිබේ.

ඇඟලුම් කම්හල් සේවකයන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් තවත් බස් රථයක සහ වී අස්වනු නෙළන යන්ත්‍රයක් රැගෙන ගිය ට්‍රැක්ටරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

බස් රථයේ සිටි මගීන් හත්දෙනකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් දසදෙනෙකු තුවාල ලබා හබරණ සහ පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කර ඇත.

බරපතල තත්ත්වයේ පසුවූ එක් පුද්ගලයකු වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල මූලික රෝහලට මාරුකර යවා ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.