March 2, 2026

දිවයින පුරා පිහිටි සියලුම සැපයුම් මධ්‍යස්ථානවල ප්‍රමාණවත් පෙට්‍රල් සහ ඩීසල් තොග පවත්වා ගෙන යන බව ලංකා අයිඕසී සමාගම පවසයි.

එමෙන්ම රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවට පළවන ප්‍රකාශ ද එම සමාගම ප්‍රතික්ෂේප කර ඇත.

ලංකා අයිඕසී සමාගම මාර්තු 1 වැනි දිනැතිව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එම සමාගම සතුව දැනට පවතින පෙට්‍රල් තොග දින 34 ක කාලයක් සඳහා ප්‍රමාණවත් බව සහ පවතින සැපයුම් මට්ටම් මත පදනම්ව ඩීසල් තොග දින 26 ක් සඳහා ප්‍රමාණවත් බවයි.

ඒ අනුව, මෙම අවස්ථාවේදී ඉන්ධන හිඟයක් නොමැති බව එම සමාගම අවධාරණය කරන අතර, එවැනි බියක් ඔස්සේ මිලදී ගැනීම් හෝ අනවශ්‍ය තොග රැස්කිරීමෙන් වළකින ලෙස එම සමාගම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

ඉන්ධන අලෙවිසැල් වෙත අඛණ්ඩ ඉන්ධන බෙදාහැරීම සහතික කිරීම සහ මහජනතාවට සිදුවන අපහසුතාවයන් වළක්වාගැනීම සඳහා රජයේ නිවාඩු දිනවලදී එහි සැපයුම් ස්ථාන ක්‍රියාත්මක වන බව ද ලංකා අයිඕසී සමාගම වැඩිදුරටත් පැවසීය.