
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්ධන අවසන් වෙතැයි පැතිර යන වාර්තා හේතුවෙන් හපුතලේ ප්‍රදේශයේ තරුණයකු ඊයේ (01) සිය යතුරුපැදියට ටැංකිය උතුරා යන තෙක් ඉන්ධන පුරවාගෙන මීටර් කිහිපයක් යන අතරතුර යතුරුපැදියේ ගින්නක් ඇතිවී විනාශ වී ගිය බව හපුතලේ පොලිසිය පැවසීය.
හපුතලේ ඉන්ධන පිරවුම්හලේන් පෝලිමක රැඳීසිට යතුරු පැදියට ටැංකිය උතුරා යන තෙක් ඉන්ධන පුරවාගත් යතුරුපැදිකරු මීටර් කිහිපයක් යෑමට මත්තෙන් ගිනිගෙන ඇති අතර ඔහු කිසිදු තුවාලයක් නොලබා බේරී ඇති බවද පොලිසිය පැවසීය.
විනාඩි කිහිපයකින් යතුරුපැදිය ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ගිය බවද පොලිසිය පැවසීය.
ඉන්ධන හිඟයක් ඇති වෙතැයි පැතිර ගිය වාර්තා හේතුවෙන් මෙම පුද්ගලයා යතුරුපැදියේ ටැංකිය උතුරා යන තෙක්ම ඉන්ධන පුරවාගෙන ඇතැයිද පැවසේ.
ඉන්ධන පිරවීමේදී නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසත් රටේ ඉන්ධන හිඟයක් ඇති වෙතයි පළවන වාර්තාවල කිසිදු සත්‍යයක් නොමැති බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර ඇති බවත් පොලිසිය මහජනතාව දැනුම්වත් කරයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart