February 28, 2026

ඉරානයට එරෙහිව ‘ප්‍රධාන සටන් මෙහෙයුමක්’ දියත් කර ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ මිනිත්තු අටක වීඩියෝවකින් තහවුරු කර තිබේ.

ටෙහෙරානයේ තර්ජනාත්මක ක්‍රියාකාරකම් එක්සත් ජනපදය, එහි හමුදා, විදේශයන්හි එක්සත් ජනපද කඳවුරු සහ ලොව පුරා සිටින සිය සහචරයන් සෘජුවම අනතුරේ හෙළන බව ඔහු පැවසීය.

වසර 47ක් තිස්සේ ඉරාන පාලන තන්ත්‍රය නිමක් නැති ලේ වැගිරීම් ව්‍යාපාරයක් දියත් කර ඇති බව ද ට්‍රම්ප් තවදුරටත් පවසන්නේ,

1979 සහ 1981 දී ප්‍රාණ ඇපකරුවන් 66 දෙනෙකු දින 444ක් රඳවා තබා ගත් එක්සත් ජනපද තානාපති කාර්යාල අර්බුදය ගැන ඔහු සඳහන් කළේය.

ඔහු තවදුරටත් පවසන්නේ ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන නැවත ගොඩනැගීමට උත්සාහ කරමින් දිගු දුර මිසයිල සංවර්ධනය කරමින් සිටි බවයි.

“අපි ඔවුන්ගේ මිසයිල විනාශ කරනවා, ඔවුන්ගේ නාවික හමුදාව විනාශ කරනවා” යනුවෙන් ට්‍රම්ප් පවසන අතර, “ජීවිත හානි වළක්වා ගැනීමට පියවර ගෙන ඇතත්, ඇමරිකානුවන් අහිමි විය හැකියි” යනුවෙන්ද පවසයි.

ඔහු ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂකයන්ට කියා සිටියේ අවි බිම තබන ලෙසත් නැතහොත් නිශ්චිතව මරණයට මුහුණ ඇති බවත්ය.

ඉරාන ජනතාව අමතමින් ට්‍රම්ප් පවසන්නේ “ඔබේ නිදහසේ හෝරාව අත ළඟයි” යනුවෙනි.