
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු යුද හමුදා බුද්ධි ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම, ආරක්ෂක හා පොලීසිය සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ ප්‍රධානීන් දැනුවත් නොකර කළ එකක් බවත්, ඔවුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ඇත්තේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව බව ‘අනිද්දා’ පුවත්පත සිය ප්‍රධාන පුවතින වාර්තා කරයි.
එම පුවතට අනුව, මේ හේතුවෙන් ජනාධිපතිවරයා, මහජන ආරක්ෂක ඇමතිවරයා, ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා, ආරක්ෂක අමාත්‍යාංය ලේකම්වරයා, මහජන ආරක්ෂක අමාත්‍යශ ලේකම්වරයා හා පොලිස්පතිවරයා ඇතුළු පිරිස කරකියාගත නොහැකි තත්වයකට පත්වී ඇති බවත්, ආණ්ඩුවේ ත්‍රිවිධ හමුදා සාමූහිකය සංවිධානයේ ප්‍රධානීන්ද කලබලයට පත්වී ඇති බවත් වාර්තාවේ.
පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර සහරාන් හෂීම් කල්ලිය විසින් මඩකලපුව වව්නතිව් මුරපොළේ පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කර ඔවුන් සතු ගිනි අවි රැගෙන යෑම සඳහා සම්බන්ධ වූ පුද්ගලයන් දෙදෙනා සමඟ සම්බන්ධකම් පවත්වමින් ඔවුන්ට හමුදා ඔත්තුකරුවන් ලෙස වැටුප් ගෙවීම ඇතුළු නැගෙනහිර පළාතේ මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම බිහිකිරීම හා ඒවාට ආධාර අනුබල දීම යටතේ සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවද අපගේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු මූලාශ්‍ර ප්‍රකාශ කරයි.
සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පහත යටතේ පොලිස් අධිකාරිවරයකුගේ නිලය මත රඳවා පැය 72ක කාලයක් හෙවත් දින තුනක කාලයක් සඳහා රඳවා තබාගෙන් ප්‍රශ්න කරමින් සිටින අතර ඉන් ඔබ්බට එම පනත යටතේ ඔහු රඳවා ගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ගේ අනුමැතිය අවශ්‍ය වේ.
බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විකාශය කළ වාර්තා වැඩසටහනක් සඳහා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ලබාදුන් සිවනේසතුරේ චන්ද්‍රකන්නන් ගෙවත් පිල්ලෙයාන්ගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ අසාත් මවුලනා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව උත්සාහයක නිරත වී සිටින බවද ඒ අතර වාර්තාවේ.
එම වාර්තා වැඩසටහනේදී අසාත් මවුලනා ප්‍රකාශ කරන්නේ සහරාන්ගේ කල්ලිය සමඟ සුරේෂ් සලේ ගනුදෙනු කළ බවයි.
මෙරටට පැමිණීම සම්බන්ධයෙන් අසාත් මවුලනා නිශ්චිත පිළිතුරක් ලබාදී නැතැයි වාර්තා වන අතර ඒ සඳහා හේතු වී ඇත්තේ ඔහු ශ්‍රී ලංකාවට පැමිණි මෙන් පසු ආපසු යා හැකිද යන ප්‍රශ්නය යි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart