February 27, 2026

ආණ්ඩුවට විදුලි බිල වැඩිකිරීමට සිදුවේ ද යන්න සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළකළේය.

ceylonwire.lk වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ වසරේ තෙවැනි කාර්තුව සඳහා ආණ්ඩුවට අනිවාර්යයෙන් විදුලිබිල වැඩිකිරීමට සිදුවන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹ ඇති එකඟතා අනුව ආණ්ඩුවට එලෙස සිදු කළ යුතුව ඇතැයි ද මන්ත්‍රීවරයා පැහැදිළි කළේය.

ඔහු පැවසුවෙ ආණ්ඩුවේ වියදම් සිය ආදායමෙන් පියවා ගත යුතු වන බව එම අරමුදල පෙන්වා දී ඇති බවයි.

ප්‍රශ්නගත ගල් අඟුරු ආනයන ගැටලුව ද මේ ඔස්සේ බලපානු ඇති බවත්, එහි බලපෑම් තුන්වන කාර්තුව දක්වා ද දිගු වනු ඇති බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.