February 27, 2026

ඉන්ටර්පෝල් රතු නිවේදන නොමැතිව මේ වනවිට සැකකරුවන් 14 දෙනෙකු නැවත ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් අනාවරණ කළේය.

සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියනු ලබන ජනිත් මධුසංඛ ද සිල්වා හෙවත් ‘පොඩි ලැසී’ අද (27) යළි දිවයිනට රගේව්න ඒම පිළිබඳ අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ඔහුට අනුව, ඉන්ටර්පෝල් රතු නිවේදන නිකුත්කර තිබූ සැකකරුවන් 29 දෙනෙකු 2024 සිට මේ දක්වා නැවත මෙරටට ගෙන්වා ඇත.

“පවතින රාජ්‍ය යාන්ත්‍රණය හරහා, 2024, 2025 සහ 2026 දී රතු නිවේදන නිකුත් කරන ලද සැකකරුවන් 29 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබෙනවා,” ඔහු පැවසීය.

අද (27) ආපසු රැගෙන එන ලද සැකකරු ඇතුළු පුද්ගලයන් 14 දෙනෙකු අන්තර්ජාතික පොලිස් රතු නිවේදන නොමැතිව මෙරටට ආපසු ගෙන ආ බව ඔහු තවදුරටත් පැවසීය.

“ඒ ඒ රටවල ආගමන හා විගමන වැරදි සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ සෘජු මැදිහත්වීම සහ පිටුවහල් කිරීමේ ක්‍රියාපටිපාටි හරහා, එම රටවල විශ්වාසය මත සහ පොලිස්පතිවරයාගේ පූර්ණ මැදිහත්වීම මත පදනම්ව, අන්තර්ජාතික පොලිසියේ රතු නිවේදන නොමැතිව මෙම සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට අපට හැකි වුණා,” ඔහු තවදුරටත් පැවසීය.

සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් රතු නිවේදන 89ක් ලබාගෙන ඇති බවත්, 2026 දී එම සැකකරුවන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට උත්සාහ කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.                                                 https://www.youtube.com/watch?v=uLtOdVjxyqc