February 27, 2026

ගල්කිස්ස පොලිසියට අනුබද්ධ පොලිස් කාන්තාවක හා 14 හැවිරිදි පාසල් සිසුවකු අතර පැවති බව කියන ප්‍රේම සබඳතාවක් සම්බන්ධයෙන් විශේෂ පොලිස් විමශර්නයක් ආරම්භ කර ඇත.

මෙම පොලිස් කාන්තාව ගල්කිස්ස පොලිසියට අනුයුක්ත විමට පෙර අතුලාන පොලිසියේ සේවය කර ඇති අතර, ඇය මොරටුව පොලිස් නිවස්නයේ නතර වී සිටිය දී අදාළ ශිෂ්‍යයා සමග මෙම ප්‍රේම සම්බන්ධය ඇති කරගෙන තිබේ.

මෙම ප්‍රේම සම්බන්ධය පිළිබඳවත් ඇයගේ ක්‍රියාකලාපය පිළිබඳවත් සැක පහළ වීමෙන් පසු දැනට සති කීපයකට පෙර ඇය ගල්කිස්ස පොලිසියට මාරුකර යවා තිබේ.

මෙම පොලිස් කාන්තාව විවාහක කතක වන අතර සිසුවා සමග ඇති පෙම් සබඳතාව අනාවරණය වී ඇත්තේ වීඩියෝ දශනයකින් බව ද පැවසේ.

මෙම සිද්ධිය පිළිබඳව පොලිස් ළමා හා කාන්තා කායරාංශය පරීක්ෂණ පවත්වාගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ, චුට්ලර් පැවසීය.