February 27, 2026

සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන අරුමහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී’ අද (27) උදෑසන විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙනඑන ලදී.

රාජ්‍යතාන්ත්‍රික කටයුතු සහ අන්තර්ජාතික පොලිසියේ මැදිහත්වීමෙන් පසු ඔහු ඉන්දීය ආරක්ෂක බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

2024 දෙසැම්බර් 9 වැනි දින ඇප ලැබීමෙන් පසු මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළාගිය බව කියන ‘පොඩි ලැසී’ 2025 ජනවාරි මාසයේදී මුම්බායිහිදී ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා විය.

ඒ අනුව, ඔහු අද (27) අලුයම 5.55 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-142 ගුවන් යානයෙන් මුම්බායි සිට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට (BIA) ගෙනඑන ලදී.

පැමිණි පසු, ඔහු ගුවන්තොටුපළෙන් දැඩි ආරක්ෂාවක් යටතේ ගෙන ගොස් වැඩිදුර පරීක්ෂණ සඳහා ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයට භාරදෙන ලදී.