February 20, 2026

පළාත් සභා ඡන්ද විමසීම සහ ඒ සම්බන්ධයෙන් මේ දිනවල පළ වන වාර්තා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.

එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම අවශ්‍ය බැවින් ඒ සඳහා ඉල්ලීම් ඉදිරිපත් කිරීම අනවශ්‍ය බවයි.

රජය විසින් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුව ඇතැයි ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

එමෙන්ම මන්ත්‍රීවරයා පැවසුවේ මැතිවරණ කල්නොදැමීම වර්තමාන ආණ්ඩුව විපක්ෂයේ සිටියදී ලබාදුන් පොරොන්දුවක් බවයි.

මේ වන විට සමුපකාර ඡන්ද රැසක් පොදු විපක්ෂය ජයග්‍රහණය කරමින් සිටින බව පැවසූ මන්ත්‍රීවරයා ජනතා මතය ඇත්තේ කොතැනකදැයි ඉන් පැහැදිලිව දැකගත හැකි බව ද පෙන්වා දුන්නේය.