
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවලදී නීතිය ක්‍රියාත්මක කරනවිට ඊට බාධා එල්ල කිරීමෙන් වැළකී සිටිය යුතු බව කතෝලික පල්ලිය පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ගරු සිරිල් ගාමිණි පියතුමන් පැවසුවේ හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන ඇති බව සහ එලෙස සිදුකර ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව බවට පොලිසිය පවසා ඇති බවයි.
මේ බව ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග ඇතැම් දේශපාලනඥයින් මෙන්ම විවිධ පුද්ගලයින් ඊට එරෙහිව අදහස් දක්වමින් සිටින බව ගරු සිරිල් ගාමිණි පියතුමෝ පවසති.
මේ සම්බන්ධයෙන් මේ මොහොතේදී කතෝලික සභාවේ මතය ඉදිරිපත් කිරීම වැදගත් බව පෙන්වාදෙන පියතුමන් පවසන්නේ, මෙම සිදුවීම කිසිසේත් දේශපාලනීකරණය කිරීමට අවශ්‍ය නොවන බවයි.
මෙය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදුකෙරෙන ස්වාධීන විමර්ශනයක් බැවින් ඒ සඳහා එම නිලධාරීන්ට අවස්ථාව ලබාදීම වඩාත් සුදුසු බව උන්වහන්සේ පෙන්වාදෙති.
එසේ නොමැතිව මෙම විමර්ශන කඩාකප්පල් කිරීමට දරන උත්සාහයන් මෙම ප්‍රහාරයෙන් ඝාතනයට පත්වූ සහ ආබාධිත වුණ වින්දිතයින්ට සිදුකරන අසාධාරණයක් බව ගරු සිරිල් ගාමිණි පියතුමෝ අවධරණය කරති.
එබැවින් මේ විමර්ශනවලට බාධා නොකරන ලෙස සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින බවත්, විමර්ශන ඉදිරියට ගෙන යාම අවශ්‍ය බවත් උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වාදෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart