February 26, 2026

කළුතර වර්නත් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ අවන්හල කඩා එහි තිබූ රුපියල් හතලිස් දහසකට ආසන්න වටිනාකමකින් යුත් ටොෆී චොකලට් සොරකම් කළ බව කියන ළමා නිවාසයක ගැහැණු ළමුන් තිදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ප්‍රසිද්ධ ළමා නිවාසයක නේවාසිකව සිටින වයස අවුරුදු 13, 14 සහ 15 වියේ පසුවන ගැහැනු ළමුන් තිදෙනකු බව පොලිසිය කීය.

ප්‍රදේශයේ සිසීටීවී කැමරා පරීක්ෂා කිරීමේන් පසු ළමුන් හදුනාගෙන ළමා නිවාසයේ සගවා තිබූ රුපියල් හතලිස් දහසකට ආසන්න වටිනාකමකින් යුත් ටොෆී, චොකලට්, ලොලිපොප්, චුයින්ගම් සහ පෙපර්මින්ට් තොගයක් සොයාගත් බව පොලිසිය සදහන් කරයි