February 24, 2026

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඊශ්‍රායල සංචාරය සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හෙට (25)  ඊශ්‍රායලයට පැමිණීමට නියමිතව තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ආරාධනයක් අනුව අග්‍රාමාත්‍ය මෝදිගේ මෙම සංචාරය සිදු කෙරෙන බවයි.

ඒ අනුව නරේන්ද්‍ර මෝදි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස ඊශ්‍රායලයේ සංචාරය කරන දෙවන අවස්ථාව මෙය වනු ඇත.

එමෙන්ම මෙම සංචාරයේදී ඉන්දු – ඊශ්‍රායල නායකයින්ගේ ද්විපාර්ශවික සාකච්ඡා වටයක් ද පැවැත්වීමට නියමිතයි.

එහිදී නායකයින් දෙදෙනා ඉන්දීය-ඊශ්‍රායල උපායමාර්ගික හවුල්කාරිත්වයේ ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය සමාලෝචනය කරනු ඇති අතර විද්‍යාව හා තාක්ෂණය, නවෝත්පාදනය, ආරක්ෂක සහ ආරක්ෂාව, කෘෂිකර්මාන්තය, ජල කළමනාකරණය, වෙළඳාම සහ ආර්ථිකය සහ ජනතාව අතර සබඳතා වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව සඳහා තවදුරටත් අවස්ථා ගවේෂණය කරනු ඇත.