February 22, 2026

ජනතා විමුක්ති පෙරමුණේ ඉන්දීය ස්ථාවරය පිළිබඳ පැරණි මතය වෙනස් කිරීමට කාලය පැමිණ ඇති බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ, මෑතකදී ඉන්දියාවේ සිදුකළ සංචාරයෙන් අනතුරුව එරට ප්‍රමුඛතම පුවත්පතක් වන The Hindu සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

අදාළ සම්මුඛ සාකච්ඡාව පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදුකර ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයාගේ ඉන්දීය සංචාරය පසුගිය පෙබරවාරි 5-12 දිනවල සිදුවිය.

ඉන්දියාවේ සංවර්ධනය සහ තාක්ෂණික දියුණුව, හවුල්කාරිත්වය සඳහා ඇති ඉඩකඩ පිළිබඳ ටිල්වින් සිල්වා මෙම සම්මුඛ සාකච්ඡාවේදී අදහස් පළකර තිබේ.

වරක් ඉන්දියාවට දැඩි ලෙස විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරයේ වෙනසක් පිළිබඳව ඔහු එහිදී සාකච්ඡා කරනු ලබයි.