February 22, 2026

පයාගල දුම්රිය හරස් මාර්ගයකදී අද කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම අනතුර හේතුවෙන් වෙරළබඩ මාර්ගයේ තරමක ප්‍රමාදයක් සිදුවිය.

අනාරක්ෂිත දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් තිබියදී කැබ් රථය දුම්රියේ ගැටීමෙන් වාහනයටද විශාල හානියක් සිදුව ඇත.