February 21, 2026

මාතර ගන්දර ප්‍රදේශයේදී, යතුරුපැදියකින් පැමිණි හඳුනානොගත් ප්‍රහාරකයන් විසින් සිදුකළ වෙඩිතැබීමකින් මාළු වෙළෙන්දකු මියගිය බව පොලිසිය පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව, දෙවුන්දර ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට මාළු අලෙවි කරමින් සිටියදී, යතුරුපැදියකන් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වින්දිතයාට වෙඩිතබා ඇත.

තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කළ අතර එහිදී ඔහු මියගොස් ඇත.

වෙඩිතැබීමෙන් පසු සැකකරුවන් එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර, ඊට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පැවසීය.