
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිය යටතේ අවශ්‍ය අනිවාර්ය ව්‍යවස්ථාපිත අනුමැතිය ලබා නොගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මණ්ඩතිව් දූපතේ යාපනය අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීම නීති විරෝධී ලෙස ආරම්භ කිරීම දැඩි ලෙස හෙළා දකින බව වනජීවී හා සොබාදහම් ආරක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ කියා සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට අපොහොසත් වුවද, පස් පෙරලන යන්ත්‍රෝපකරණ දැනට එම ස්ථානයේ ක්‍රියාත්මක වන බවත් ඉදිකිරීම් ද්‍රව්‍ය දැනටමත් එහි ප්‍රවාහනය කර ඇති බවත් එහි සඳහන් වේ.
අනිවාර්ය පාරිසරික නිෂ්කාශනයක් නොමැතිව ඉදිකිරීම් කටයුතු සිදුකිරීම 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත පැහැදිලි, හිතාමතා සහ අඛණ්ඩව උල්ලංඝනය කිරීමක් වන අතර, මූලික පාරිසරික පරීක්ෂණය හෝ පාරිසරික බලපෑම් තක්සේරුව ඉදිරිපත් කිරීමෙන් සහ අනුමැතියෙන් පසු මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලබා දෙන ලද පූර්ව අනුමැතියකින් තොරව නියමිත සංවර්ධන කටයුතු ආරම්භ නොකළ යුතු බවට එමගින් නිසැකවම නියම කර ඇත.
එම ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තැබීමට සහ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පෙර මූලික පාරිසරික පරීක්ෂණයක් හෝ පාරිසරික බලපෑම් තක්සේරුවක් පවත්වා නොමැති බව විශ්වාසදායක ලෙස දැනගන්නට ලැබී ඇති බව වනජීවී හා සොබාදහම් ආරක්ෂණ සංගමය පවසයි.
අවශ්‍ය පාරිසරික නිෂ්කාශන නොමැතිව සිදු කරන ඕනෑම එළිපෙහෙළි කිරීමක්, වැටක් හෝ සූදානම් කිරීමේ ඉදිකිරීමක් නීති විරෝධී වන අතර එය ශ්‍රී ලංකාවේ පාරිසරික ආරක්ෂණ ක්‍රම බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවද සංගමය කියයි.
අදාළ නියාමන බලධාරීන්ට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නැවත නැවතත් ලිඛිතව දැනුම් දී ඇතත්, මෙම ක්‍රියාකාරකම් නැවැත්වීමට තවමත් තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ද සංගමය චෝදනා කරයි.
එම සංගමය පවසන්නේ පැහැදිලි නීතිමය උල්ලංඝනයන් සහ පාරිසරික අවදානම් පිළිබඳ බලධාරීන්ට විධිමත් ලෙස දැනුම් දී ඇතත්, ඉදිකිරීම් පාලනයකින් තොරව සිදුවෙමින් පවතින බවයි.
මණ්ඩිතිව් දූපත ලුණු වගුරු බිම්, මඩ තලා, කඩොලාන පරිසර පද්ධති, මුහුදු තෘණ පාත්ති සහ වෙරළබඩ තෙත්බිම්වලින් සමන්විත පාරිසරික වශයෙන් සංවේදී ප්‍රදේශයකි.
යෝජිත ස්ථානය මණ්ඩිතිව් කඩොලාන රක්ෂිත වනාන්තරයට ආසන්නව පිහිටා ඇත.
2012, 2017 සහ 2025 දී දක්නට ලැබුණු පරිදි, සෘතුමය වර්ෂාපතන සමයේදී ජලයෙන් යටවන ස්වාභාවික ගංවතුර රඳවා ගැනීමේ කලාපයක් ලෙසද මණ්ඩතිවු ක්‍රියා කරයි.
මෙම භූමියේ විශාල ක්‍රීඩාංගණයක් සහ ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීම ගංවතුර අවදානම වැඩි කරනු ඇති බවත්, ස්වාභාවික වෙරළබඩ ආරක්ෂාව දුර්වල කරන බවත් දිගුකාලීන ආර්ථික හා නඩත්තු බරක් ඇති කරන බවත් සංගමය කියයි.
දිවයිනේ කඩොලාන සහ මුහුදු තෘණ බිම් යනු කාබන් ගබඩා කරන, ධීවර කටයුතු සඳහා සහාය වන, ජල ගුණාත්මකභාවය පවත්වා ගන්නා සහ වෙරළබඩ ප්‍රජාවන් කුණාටු සහ ඛාදනයෙන් ආරක්ෂා කරන වැදගත් නිල්-කාබන් පරිසර පද්ධති වේ.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය නීත්‍යනුකූල, තිරසාර සහ වගකිවයුතු විය යුතු බවත් බලගතු ආයතන රටේ පාරිසරික නීතිවලට අනුගත වීමෙන් නිදහස් නොවිය යුතු බවත් එම සංගමය අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart