February 21, 2026

සැමියා විසින් සිය බිරිඳගේ ගෙළ කපා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වී ඇති බව නෙළුව පොලිසිය පවසයි.

ඊයේ (20දා) මෙම ඝාතනය සිදුකර ඇත.

මෙසේ ඝාතනය කොට ඇත්තේ නෙළුව පදිංචි කාන්තාවකි.

සැමියා නිවසට යනවිට සිය බිරිඳ වෙනත් පුද්ගලයකු සමග සිට ඇති අතර, මේ නිසා දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් ඇති වී තිබෙන බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ඉන් පසු සැමියා විසින් සිය බිරිඳගේ ගෙළ වෙන්ව යන ලෙස කපා ඝාතනය කොට ඇත.

පසුව ඔහු පොලිසියට භාර වී තිබේ.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ සිරුර පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිද්ධිය වූ ස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

නෙළුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.