February 20, 2026

ශ්‍රී ලංකාවට ලිංගික අධ්‍යාපනයක් අවශ්‍ය නැති බව අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොටපිටියේ රාහුල අනු නා හිමියෝ වදාළහ.

උන්වහන්සේ මේ බව වදාළේ, අද(20) කොළඹදී පැවැති ‘මහා සඟ සමුළුව’ අමතමිනි.

එහිදී උන්වහන්සේ අවධාරණය කරන ලද්දේ, ශ්‍රී ලංකාවේ වර්තමානයේද පැවැතිය යුත්තේ, අත්තිතයේ මෙන්, ‘ගුප්ත ලිංගික චර්යාවන්’ පමණක් බවයි.

“අපේ රටේ ජනතාවට ලිංගික අධ්‍යාපනයක් අවශ්‍යයි කියල මම නම් හිතන්නේ නෑ. අපේ රටේ ඒ කාලේ මිනිස්සු හොඳ විවාහ ජිවිත ගතකළා. දරුවෝ දහය පහළොව ඇතිකළා. බොහොම සතුටින් ජිවත් වුණා. ඒවා අවශ්‍ය විදිහට, ඒ අයගේ ගුප්තභාවය රැකගෙන, සංවරකම රැකගෙන ඒ අය ඒවා කරගත්තා. මොන කෙහෙල්මලක්ද මේ ලිංගික අධ්‍යාපනයක් කියන්නේ…අවශ්‍යද ලිංගික අධ්‍යාපනයක් අපිට. ලිංගික අධ්‍යාපනයක් අපිට අවශ්‍ය නෑ. අපේ රටේ අතීතයේ තිබිච්ච ශික්ෂණය කියවල බලන්න රොබට් නොක්ස්ගේ වාර්තාවල…” යැයි උන්වහන්සේ එහිදී වැඩිදුරටත් වදාළහ.