
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ ශාලාවක් තුළදී පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව හෙවත් සංජීව සමරරත්න නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර අනුබලදීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් තමරා කුමාරි අබේරත්න නමැති නීතිඥවරිය ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කරමින් කඩවත ප්‍රදේශයේ පිහිටි බැංකුවක ගිණුම් අටක් පවත්වාගෙන ගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (19දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගමට වාර්තා කළේය.
එම ගිණුම් හරහා අතිවිශාල මුදලක් සංසරණය වී ඇති බවද විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයට පෙන්වාදුන්හ.
එම කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එකී විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසට විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් තිදෙනකු බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ (19දා) අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් ලබන මාර්තු 05 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart