
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නොරොච්චෝලේ බලාගාරයට ලැබෙන ගල් අඟුරු සැපයුමේ තත්ත්ව පාලනය සහතික කිරීම සඳහා අත්යවශ්,ය ගල් අඟුරු තත්ත්ව පරීක්ෂක කටයුතු ගැටලුකාරී වී තිබීම මේ වන විට සැකයට තුඩු දී ඇත.
එළැඹෙන ගල් අඟුරු ගොඩබෑමේ වාරය සඳහා ශ්‍රී ලංකාවේ ගල් අඟුරු ප්‍රසම්පාදනය දැනටමත් මතභේදයට තුඩු දී තිබේ.
ඉදිරි ගල් අඟුරු ගොඩබෑමේ වාරය ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කිරීම සඳහා ගල් අඟුරු මිනින්දෝරුවරයා(coal surveyor) තෝරා ගැනීමේ ටෙන්ඩරය හැකි ඉක්මණින් අවසන් කළ යුතුව ඇත.
වාර්තා අනාවරණය කරන ආකාරයට, ටෙන්ඩරය සඳහා ලංසු තැබූ සමාගම් තුනෙන් වැඩිම ලංසුකරු තෝරාගැනීමට තාක්ෂණික ඇගයීම් කමිටුව (TEC) උත්සාහ කරන බවට චෝදනා මධ්‍යයේ මෙම ටෙන්ඩරය දැන් අවධානයට ලක්ව තිබේ.
ප්‍රංශය, ඉන්දියාව සහ ස්විට්සර්ලන්තය පදනම් කරගත් පරීක්ෂණ සහ සහතික කිරීම පිළිබඳ විශේෂඥ අන්තර්ජාතික සමාගම් තුනක් ටෙන්ඩරය සඳහා ලංසු ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකාවට අඛණ්ඩව සේවාව සපයන ස්විට්සර්ලන්තය පදනම් කරගත් සමාගම කමිටුව විසින් තෝරාගෙන ඇති නමුත් තවමත් අවසන් තීරණයක් ගෙන නැත.
ස්විට්සර්ලන්තය පදනම් කරගත් මෙම සමාගමට චෝදනා එල්ල වී ඇති අතර, අක්‍රමිකතා හේතුවෙන් එය ඉන්දීය ගල් අඟුරු සමාගමක් විසින් තහනම් කර ඇති අතර, එහි දූෂණ සම්බන්ධයෙන් ද විමර්ශනය කරන බව කියනු ලැබේ.
වාර්තා පෙන්වාදෙන ආකාරයට, වැඩිම ලංසුව ඉදිරිපත් කළ බව කියන මෙම ස්විට්සර්ලන්තය පදනම් කරගත් සමාගමට ටෙන්ඩරය ලබාදුනහොත්, ප්‍රසම්පාදන ආයතනය ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට විශාල මුදලක් අහිමි වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart