February 18, 2026

ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පියකු ඇතුළු සිව්දෙනකු චිප්ස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙසියපනස්පහක් සමග මත්තේගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම රංගන ශිල්පියා පිළියන්දල ප්‍රදේශයේ කුලී පදනම මත වාසය කරන බව වාර්තා වේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 26, 28 පසුවන තරුණයන් වන අතර ම ඔවුන් අනුරාධපුර හා පිළියන්දල ප්‍රදේශවල පදිංචි අය බව පොලිසිය පවසයි.

කොළඹ සිට අනුරාධපුරයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන පුද්ගලයන් පිළිබඳව මත්තේගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත මෙම වැටළීම සිදුකර ඇත.

පසුව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ලත් තොරතුරු ඔස්සේ මෙම මත්ද්‍රව්‍ය කොළඹ සිට අනුරාධපුරයට කුරියර් සේවාවක් හරහා ප්‍රවාහනය කරන බව අනාවරණය වී තිබේ.