February 18, 2026

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට ලද තොරතුකට අනුව ඊයේ(17) බලපි‍ටිය, රන්දොබේ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කැස්බෑ බිත්තර 108ක සංඛ්‍යාවක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු, කැස්බැ බිත්තර සමඟ ඉදිරි නීතිමය කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දිමට කටයුතු කර තිබේ.