February 17, 2026

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සිය බිරිඳ වන බ්‍රිජට් මැක්‍රොන් සමග නිල සංචාරයක් අරඹමින් ඊයේ රාත්‍රියේ ඉන්දියාවට පැමිණ තිබේ.

ඔහු පෙබරවාරි 19 දක්වා දින හතරක කාලයක් ඉන්දියාවේ ‍රැඳී සිටීමට නියමිතය.

අද දිනයේදී ප්‍රංශ ජනාධිපතිවරයා මුම්බායිහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවනු ඇත.

නායකයින් දෙදෙනා මුම්බායි හි ලෝක් භවන්හිදී ඒකාබද්ධ මාධ්‍ය හමුවකට සහභාගීවීමට පෙර අවබෝධතා ගිවිසුම් (MoU) කිහිපයක් හුවමාරු කර ගැනීමට ද නියමිතයි.

නායකයින් දෙපළගේ මෙම හමුවේදී දෙරට අතර උපායමාර්ගික හවුල්කාරිත්වය තහවුරු කිරීම සහ එය නව සහ නැගී එන ක්ෂේත්‍රවලට විවිධාංගීකරණය කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ප්‍රංශ ජනාධිපතිවරයා කලාපීය සහ ගෝලීය වැදගත්කමක් ඇති ගැටළු පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා අතර ද්විපාර්ශ්වික උපායමාර්ගික හවුල්කාරිත්වයේ ප්‍රගතිය සමාලෝචනය කරනු ඇත.

ප්‍රංශ ජනාධිපතිවරයා, ජනාධිපති ආර්යාව සහ ප්‍රධාන ජාත්‍යන්තර ආර්ථික හා දේශගුණික සිදුවීම් සඳහා සහභාගී වීමට පැමිණෙන තවත් ජාත්‍යන්තර සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකුට සත්කාරකත්වය සැපයීම සඳහා රටේ මූල්‍ය අගනුවර පුළුල් ආරක්ෂක විධිවිධාන සකස් කර ඇත.